#FreeJeyakumary Campaign (Sinhala)

Online Poster Sinhala

  1.  2014 මාර්තු මස 13 වන දින ආරක්ෂක අංශ විසින් ජෙයකුමාරි බාලෙන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ සිට මේ දක්වා දින 200 ක් ගතව ඇත. ඇයව අත්අඩංගුවට ගෙන ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 6(1) සහ 9(1) ප‍්‍රතිපාදන භාවිතා කරමින් රඳවා තබාගත් අතර අත්අඩංගුවට ගත් දිනට පසු දිනම ඇය බූස්ස රැුඳවුම් කඳවුර වෙත මාරු කර යැවිණි. මේ දක්වාත් ඇයට එරෙහිව කිසිඳු නඩුපැවරීමක් සිදු කර නොමැත.
  2. උතුරේ සිදුවන අතුරුදහන්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දිගින් දිගටම සිය හඬ අවදි කළ ජයකුමාරි අතුරුදහන්කරවීම්වලට එරෙහි නොයෙක් කි‍්‍රයාකාරකම් හි පෙරමුණ ගත් කි‍්‍රයාකාරිණියක් විය. එකී කි‍්‍රයාකාරීත්වයෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඈ විවිධාකාර තර්ජනයන්ට ලක්වූ අතර ඇය බියවැද්දීමට ගත් උත්සාහයන් ගණනාවක්ද විය. මෙකී තර්ජනයන් සහ බියවැද්දීම්වලට රජයේ බුද්ධි අංශ නිලධාරීන්ගේ සම්බන්ධතාවයක් ඇතැයි නිරන්තරයෙන්ම සැක පළකෙරිණි.
  3. 2014 මාර්තු මස 13 වනදා බලහත්කාරයෙන් ඇගේ නිවෙසට ඇතුළුව ඇති කේ. පී. සෙල්වනායගම් හෙවත් ගෝබි නමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුට රැුකවරණය ලබා දෙන ලදැයි රජය ජෙයකුමාරිට විරුද්ධව චෝදනා නගා ඇත. චෝදනාවෙන් වැඩිදුරටත් කියැවෙන පරිදි ලෝහ අනාවරණය කරගැනීමට භාවිතා කරන උපකරණයක් සහ බෝම්බ නිරාවරණය කරලීමට භාවිතා කරන Menelab F3 වර්ගයේ යැයි කියැවෙන උපකරණයක්ද ඇගේ නිවස පිහිටි භූමියෙන් සොයාගෙන ඇත. කෙසේවුවද, රජයේ පාර්ශවයෙන් මෙකී සියලූ ආකාර චෝදනා ඉදිරිපත්ව ඇතත් ඇය අත්අඩංගුවට පත්වූ දින සිට ගතවූ පසුගිය මාස 06 ක කාලය පුරාම ඇයට එරෙහිව අධිකරණය ඉදරියේ කිසිඳු චෝදනා ගොනු කිරීමක් සිදුකර නොමැත. වඩාත් වැදගත්ම කාරණය වන්නේ, ඉහත කී චෝදනාවේ සඳහන් වන නාඳුනන පුද්ගලයා සමග තමා කිසිඳු ආකාරයක සබඳතාවයක් පැවැත්වූයේ නැතැයි ජෙයකුමාරී පැහැදිලිවම ප‍්‍රකාශ කර තිබීමයි.
  4. ජයකුමාරි අත්අඩංගුවට පත්වන මොහොතේදී අවුරුදු 13 ක් වයසැති ඇගේ කුඩා දියණිය – බාලේන්ද්‍රන් විභූෂිකා ද සිය භාරයට ගෙන නීතිය නොතකා ඇයව පුරා පැය 24 ක් ඇගේ මව සමග සිය භාරයේ රඳවා තබා ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. ඉන් අනතුරුව, මාර්තු මස 14 වනදා බී වාර්තාවක් ඉදිරිපත් කරමින් විභූෂිකාද මෙම සිද්ධියේ ‘සැකකාරියක’ ලෙස සලකා කටයුතු කරනවා යැයි කිලිනොච්චි පොලීසිය ප‍්‍රකාශ කර ඇත.
  5. 2014  මැයි මස 12 වැනිදා ජෙයකුමාරි සහ ඇයගේ දියණිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අංක SCFR/126/14 සහ SFCR/127/14 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඉදිරිපත් කරන ලදි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම වසරේ මැයි මාසයේ දී ප‍්‍රථම වරට එම පෙත්සම් දෙක සලකා බැලූ අතර එතැන් පටන් මේ දක්වා මෙම පෙත්සම් දෙක අධිකරණය ඉදිරියේ සය වතාවක් විභාගයට ගෙන ඇත. පෙත්සම් සම්බන්ධයෙන් සලකා බැලූ අවසාන නඩු විභාගය පැවති 2014 සැප්තැම්බර් 16 වනදා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිද්ධිය පිළිබඳව කරුණු දැක්වූහ. එහිදී අදාළ සිදුවීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලීසියට තවදුරටත් කාලය අවශ්‍ය වන බව සහ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදුකරගෙන යන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රකාශ කළහ. අදාළ පෙත්සම් දෙක එළැඹෙන දෙසැම්බර් මස 17 වනදා නැවත විභාගයට ගැනීමට නියමිතය.
  6. මෙසේ නීති විරෝධීව සිදුකරන රඳවා තබා ගැනීමකට ලක්වූ එකම වින්දිතයා ජෙයකුමාරි නොවන්නේය. මේ වසරේ ජනවාරි සිට අපේ‍්‍රල් දක්වා සමස්ත කාලය පුරාම ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විසින් උතුරු සහ නැගෙනහිර පළාතේ ප‍්‍රදේශවල 80 කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන මෙලෙස නීති විරෝධී ආකාරයෙන් රඳවා තබාගෙන සිටින්නේය. මෙසේ අත්අඩංගුවට පත්ව රැුඳවුම්භාරයේ සිටින්නන්ගෙන් අවම වශයෙන් 10 ක් හෝ කාන්තාවන් සහ ළමයින්ය.
  7. ජෙයකුමාරි කිලිනොච්චි ප‍්‍රදේශයේ වාසය කළ වැන්දඹු කාන්තාවකි. කම්කරුවෙකු වශයෙන් රැුකියාව කළ ඇයගේ වැඩිමල් පුතු බාලේන්ද්‍රන් යොහාන් 2006 වසරේදී වෙඩි තැබීමකින් ඝාතනය විය, මරණයට පත්වනවිට ඔහුගේ වයස අවුරුදු 20 ක් වූ අතර රජයේ සන්නද්ධ හමුදාවන්ට සහයෝගය දෙමින් සිටි අතුරු හමුදා කණ්ඩායමක් වෙත යොහාන්ගේ ඝාතනයේ චෝදනා එල්ලවිය. මේ දක්වාම අදාළ ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන නොමැත. 2009 මැයි මාසයේ යුද්ධයේ අවසන් අදියරේදී රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙමින් සිටි ජෙයකුමාරීගේ දෙවැනි පුත් බාලේන්ද්‍රන් කජීවන් ද ෂෙල් වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මරණයට පත්විය.
  8. ජෙයකුමාරි සිය බාලම පුතණුවන් වන බාලේන්ද්‍රන් මහින්දන් අවසන් වරට දැක ඇත්තේ 2008 වසරේදීය, ඒ එවකට 15 වියැති ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් බලහත්කාරයෙන් යුද්ධය සඳහා බඳවා ගත් මොහොතේය. යුද්ධයෙන් අනතුරක් නොවී දිවි ගලවාගත් ඔහු 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේදී ශී‍්‍ර ලංකා යුධ හමුදාව වෙත භාරව ඇත. යුද්ධයෙන් පසු කලෙක, රජයට අයත් www.lankapuvath.lk  නම් ප‍්‍රවෘත්ති වෙබ් අඩවියෙහි පළවූ ඡුායාරූපයක සිටි සිය පුතු හඳුනා ගන්නට ජෙයකුමාරී සමත්ව ඇත. අදළ ඡුායාරූපයෙහි ජෙයකුමාරිගේ පුතු රජය විසින් පවත්වාගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක, ළමා සොල්දාදුවන් වශයෙන් කටයුතු කළ සෙසු දරුවන් පිරිසක් සමග පුනරුත්ථාපනය වෙමින් සිටිනු අන්තර්තව තිබී ඇත.
  9. මෙම සිද්ධයෙන් අනතුරුව ජෙයකුමාරී සිය බාල පුතු මහින්දන්ගේ අතුරුදහන්වීම පිළිබඳ සඳහන් කරමින් 2014 ජනවාරි 08 වන දින ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය ප‍්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත (පැමිණිලි අංකය – HRC/152/2014) මෙකී පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම විසින් සිදු කළ විමර්ශනයකට ප‍්‍රතිචාර දක්වන ලද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා බාලේන්ද්‍රන් මහින්දන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාරයේ නොමැති බව දන්වා එවා ඇත. රජය විසින් පවත්වාගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක තවත් දරුවන් පිරිසක් සමග පුනරුත්ථාපනය ලබන මහින්දන්ගේ ඡුායාරූපයක් ද ප‍්‍රසිද්ධව තිබුණා වුව පුනරුත්ථාපන කටයුතු පිළිබඳ කොමසාරිස් ජෙනරාල්තැනද මානව හිමිකම් කොමිෂම වෙත දන්වා එවා ඇත්තේ බාලේන්ද්‍රන් මහින්දන් එවැනි කිසිඳු පුනරුත්ථාපන වැඩසටහනකට සහභාගී නොවූ බවයි.
  10. ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඉදිරිපත් කළ චෝදනාවන් ඔප්පු කළ හැකි ආකාරයේ කිසිඳු පිළිගත හැකි සාක්ෂියක් නොමැතිව වුව දිගින් දිගටම ඇදී යන රඳවා තබා ගැනීමේ කි‍්‍රයාවලියකට ලක්වන්නට ජෙයකුමාරීට සිදුව ඇත. ඇයට එල්ලව ඇති චෝදනා සම්බන්ධයෙන් කෙරන විමර්ශන කටයුතු අතිශය මන්දගාමීව ඇදී යමින් පවතී. අත්අඩංගුවට ගෙන දින 200 ක් ගතව ඇතත් ඇයව අත්අඩංගුවට ගනු ලැබූයේ සහ ඇයව රඳවා තබාගෙන සිටින්නේ මේ නිසා යැයි කියැවෙන කිසිඳු යුක්ති සහගත හේත්ුවක් ඉදිරිපත් කරන්නට රජයේ බලධාරීන් මෙතෙක් සමත්ව නොමැත. 

#FreeJeyakumary Campaign සහයෝගය දිය හැකි ආකරය;

  • වැඩිදුර විස්තර සහ ජෙයකුමාරී නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ නවතම තොරතුරු දැන ගැනීමට https://freejeyakumary.wordpress.com බ්ලොග් අඩවිය වෙත පිවිසෙන්න.
  • ඉහත බ්ලොග් අඩවියට එක් කර තිබෙන #FreeJeyakumary ත්‍රුැන්‍ැහ්නමප්රහ පෙත්සමට දායක වන්න.
  • ට්විටර් සමාජ වෙබ් අඩවිය හරහා ජෙයකුමාරී සම්බන්ධයෙන් ටීවීට් පළ කරන විට #FreeJeyakumary යන්න  භාවිතා කරන්න.